Wednesday, July 10, 2013

ප්‍රංශයේ ටොලොවූස් නගර්යේ අසිරිය..

මගේ දෙවන වසන්ත පාසල සඳහා මා තෝරා ගත්තේ ප්‍රංශයේ ටොලොවූස් නගර්යේ ටොලොවූස් විශ්ව විද්‍යාලයයි. වසන්ත සමයේ ස්වභාව සෞන්දර්යය මැනවින් විඳගනිමින් එහි ගතකල කාලය ඉතාම රසවත් කාලයක් වුනා..

Canal de Brienne

ටොලොවූස් නගර්ය හරහා ගලායන ඉතාම සුන්දර ඇල මාර්ගයක්..

Pont Neuf

නව පාලම යන අරුත සහිත නමක් හිමි මෙම පාලම ප්‍රංශයේ නවීන තාක්ශනයෙන් නිපයුනු පාලම් අතර ඉතා ඉහල ස්ථානයක් ගන්නවා..


Garonne

ටොලොවූස් නගර්ය හරහා ගලායනයෝධ ගංගාවක් වන අතර එහි ඇති පාලම්ද පෞරානික වටිනාකමෙන් අනූන ඒවායි..

 

 

ශාන්ත සටුර්නින් බැසිලිකා දෙව් මැදුර හා එහි ප්‍රසිද්ධ සන් සෙර්නින් කුළුණ..




 


Tuesday, June 11, 2013

ටැරගෝනාවේ අභිමානය සමග ගෙවුනු වසන්තය පාසල

වසන්ත සමය උදාවත් සමග වසන්ත පාසල් සඳහා සහභාගි වීමේ අවස්ථාව අපට හිමි වෙනවා.. මගේ පළමු වසන්ත පාසල් අත්දැකීම ලැබුනේ ටැරගෝනා නගරයේ පිහිටි ටැරගෝනා විශ්ව විද්‍යාලයයේදී.. වසන්ත පාසලෙ කාල සීමාව සතියක් වුනු අතර දේශන, සම්මන්ත්‍රන අතරතුරදී නගරයේ සිරි නැරඹීමටද අපට අවස්ථාව ලැබුණා..

ටැරගෝනාව යනු බාර්සිලෝනා නගරයට පහලින් පිහිටි UNESCO විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ප්‍රසිද්ධ නගරයකි. ක්‍රිස්තු පූර්ව 245 වර්ශයේ රෝම ආක්‍රමනයෙන් පසුව රෝමන් වැසියන්ගේ විසින් මෙම නගරය ටැරැක්කෝ ලෙසින් හඳුන්වදී තිබෙනවා.. ටැරැක්කෝව ජුලියස් සීසර්, ඔගස්ටස් සීසර් යන අධිරාජ්‍ය්යන් දෙදෙනාගේම ප්‍රියතම නවාතැනක් වූ බවට ඉතිහාස කථාවල සඳහන් වනවා..

කාලයගේ ඇවැමෙන් ටැරගෝනාව ලෙස නම වෙනස් වූ මෙහි රෝමන් අධිරාජ්‍ය්ය නටඹුන් තවමත් සුරක්ශිත්ව දැකගන්නට හැකියි..

Roman Amphitheatre 




රෝමන් අධිරාජ්‍යය සමයේ ග්ලැඩියේටර් සටන්, ගව සටන් ආදී ත්‍රාසජනක ක්‍රීඩා රාශියක් මෙහි පවත්වා තිබෙනවා..

Pont de les Ferreres හෙවත් roman aqueduct


ඉපැරණි ටැරැක්කෝ නගරයට ජලය සැපයීම සඳහා රෝම ජාතිකයන් විසින් මෙම පාලමක් වැනි ජල නලය සාදා තිබෙනවා..

 

Santa Iglesia Catedral Basílica : බැසීලිකා දෙව් මැදුර

 

 


Saturday, May 25, 2013

බඩ ගින්දර ලොව කොහෙටත් එකය.. එය බාර්සිලෝනාවටත් දැනේ..

පණ ඇති මිනිසුන්, පණ නැති ගල් රූ මෙන්..
අව්වෙහි වැස්සෙහි වෙනසක් නොදැනෙනා මෙන්..
මේ උත්සාහා කරන්නේ තම දිවි රැකගන්නට නොවෙද ?
බඩ කට පුරවා තව එක දිනක් ජීවත් වන්නට නොවෙද ?



මේ ගල් රූ මෙන් සිටිනා මිනිසුන් මට මුණ ගැසුනේ, බාර්සිලෝනාවේ විදේශ සංචාරකයින් බහුලව දක්නට ලැබෙන La Ramblas මාවතේදීයි..

Thursday, May 16, 2013

බාර්සිලෝනා පාපන්දු තරු වීදී සංචාරයේ..

La Liga 2012/2013 තරඟ මාලාව ජයග්‍රහණය කරන ලද බාර්සිලෝනා පාපන්දු කණ්ඩායම ඊයේ දිනයේ බාර්සිලෝනා නගරය වටා ආචාර සවාරියකට එක් වූවා.. තමන්ගේ පාපන්දු වීරයන් දැක ගන්නට ඔවුන්ට ආචාර කරන්නට, ඔවුන්ට සුභ පතන්නට බාර්සිලෝනා නගර වැසියන් බාර්සිලෝනාවේ වීදී දෙපසට එක් රැස් වුණා..

ඔවුන්ගේ ආචාර සවාරිය, මගේ සරසවිය පිහිටා ඇති මාර්ගය ඔස්සේ යෙදී තිබුන නිසා අපහසුවකින් තොරව සරසවියේ උඩු මහලේ සිටම එය නැරඹීමට හැකිවීම මා ලද භාග්‍යක්..



 

 බාර්සිලෝනා කණ්ඩායම් නායක Carles Puyol..


සුප්‍රසිද්ද පාපන්දු තරුLionel Messi.. 


මෙවර ඡායාරූප අනුග්‍රහය මාගේ සරසවි මිතුරන්.. ඔවුන්ට මගේ ස්තූතිය..


Monday, May 13, 2013

බාර්සිලෝනාව සහ පාපන්දුව..

2013 වසරේ මැයි මස 12 වැනිදා බාර්සිලෝනා නගරවාසින්ට අමතක නොවන දවසක් වුණා.. ඒ ඔවුන්ගේ ජීවිත වල වීරයන් වුණු බාර්සිලෝනා පාපන්දු තරු La Liga 2012/2013 තරඟ මාලාව ජයග්‍රහණය කල නිසා.. 


පුද්ගලිකවම පාපන්දු ක්‍රීඩාව පිළිබඳව මට ඇති දැනුම ඉතා අල්ප වුවත් මගේ ස්පාඤ්ඤ මිතුරු මිතුරියන් මේ පිළිබඳව දක්වන උනන්දුව නිසා, La Liga තරඟ මාලාව හා බාර්සිලෝනා කණ්ඩායම පිලිබඳව තොරතුරු සොයා බැලීමට මටත් හිතුනා..

La Liga තරඟ මාලාව ඉතා සාඩම්බර ඉතිහාසයක් ඇති, ස්පාඤ්ඤයේ ඉතාමත් සුප්‍රසිද්ද පාපන්දු තරඟ මාලාවක්..   1929 දී ආරම්භ වුණ මෙම තරඟාවලියට ස්පාඤ්ඤ කණ්ඩායම් 20 ක් තරඟ වදිනවා.. ස්පාඤ්ඤ ජාතික පාපන්දු ක්‍රීඩකයන් පමණක් නොව පාපන්දු ලොවේ කිරුළ පැළැන්දූ වැනි Lionel Messi, Cristiano Ronaldo වැනි දක්ශ, සුප්‍රසිද්ද පාපන්දු තරු මෙම කණ්ඩායම් නියෝජනය කිරීම මෙහි ඇති විශේශත්වයයි..  

Carles Puyol ගේ නායකත්වයෙන් තරඟ වැදුණු බාර්සිලෝනා කණ්ඩායමේ සුපිරි තරුව වුණේ Lionel Messi.. 

1899 දී ආරම්භ කරන ලද බාර්සිලෝනා පාපන්දු කණ්ඩායම Futbol Club Barcelona, FC Barcelona එහෙමත් නැත්නම් Barca යන සුරතල් නාමයෙන් හඳුන්වනවා.. 

Diego Maradona, Ronaldinho Romario, Ronaldo වැනි ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයින් ඉතිහාසය පුරාවටම Barca නියෝජනය කර තිබෙනවා..
Camp Nou යනු Barca කණ්ඩායමේ නිල තරඟ පිටිය වන අතර එය යුරෝපයේ පිහිටි විශාලතම ගෘහස්ත පාපන්දු ක්‍රීඩා පිටියයි.. 

ඡායාරූප සියල්ල ලබාදුන් පාපන්දු ලෝලී ස්පාඤ්ඤ මිතුරන්ට මගේ ස්තූතිය..





Sunday, May 5, 2013

බාර්සිලෝනාවට වසන්තය උදාවී ඇත..

මාස ගනනාවක් පුරාවට ගතට මෙන්ම සිතටද වද දුන් සීත ඍතුව අවසන් වී ඇත..  හිරු රජිඳු ප්‍රථාපවත් ලෙස රැස් විහිදුවමින් තම අණසක පතුරුවයි.. මුළු පරිසරයම කොළ පැහැයෙන් දිදුලයි.. බලන බලන සෑම අතම මනරම් වර්ණවත් කුසුම් පිපී සුවඳ දෙයි..

මේ බාර්සිලෝනාවේ වසන්ත සමයයි..

පහත ඡායාරූප කිහිපයක් මා විසින් මගේ ජංගම දුරකතනයෙන් ගන්නා ලද ඒවා වන අතර අනෙකුත් ඒවා මගේ චීන ජාතික මිතුරියගේ කැමරාවෙන් ගන්නා ලද එවායි.. ඇයට මගේ හදපිරි ස්තූතිය..













Wednesday, April 17, 2013

මගේ අවුරුද්ද..

කොහා මෙහි නැතත් ගී කියන්නට..
එරබුදු මෙහි නැතත් මල් පිපෙන්නට..
නැකතක් නැතත් අවුරුදු ලබන්නට..
අම්මා එවූ කැවිලි ඇත බඩ පිරෙන්නට..